දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම සහ කහතුඩුව අතර  වාහන දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි.

කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පසු මෙම රථවාහන තදබදය ඇති වී තිබෙන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ හේතුවෙන් කිලෝමීටර් ගණනාවක වාහන පෝලිමක් දක්නට ලැබෙන බවද  පොලිස් නිලධාරියා සඳහන් කළේය.

වාහන තදබදය මඟහැරීම සඳහා වර්ෂාව නොතකා පොලිස් නිලධාරීන් දැඩි වෙහෙසක් ගන්නා බවද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.