දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති කැඩීමෙන් රජයට රුපියල් කෝටියක ආදායමක්


(ඉන්දිකා රාමනායක )

ගතවු මාස 5 ක කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන නීති කැඩු බව කියන රියදුරන් 19,837 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

මොවුන්ට දඩ පත්‍රිකා දීමෙන් සහ අධිකරණයට ඉදිරිපත් කර දඩ වශයෙන්  රුපියල් කෝටියකට ඉතාම ආසන්න මුදලක් (99,19,930 ක්) රජයට උපයා දී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

මෙම වසරේ ජනවාරි මස 01 වැනි දා සිට මැයි මස 15 දක්වා කාලය තුළ මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් 7127 දෙනකු ද, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 2189 දෙනකු ද,  අදුරු වීදුරු සහිත රථ ධාවනය කිරීමෙන් 1378 දෙනකු ද, සංඥා පුවරුවට විරුද්ධව ධාවනය කරවීමෙන් 180 දෙනකු ද, වමෙන් නොපැදවීමෙන් 197 දෙනකු ද ජංගම දුරකතන භාවිතා කරමින් රථ ධාවනය කිරීමෙන් 346 දෙනකු ද, විදුලි පහන් වැරදි සම්බන්ධයෙන් 4007 දෙනකු ද ,රියදුරු බලපත‍්‍ර නොමැතිව රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් 108 දෙනකු ද, බීමත්ව රිය පැදවීමෙන් 21 දෙනකු ද,වාහන නැවැත්වීම හා නවතා තැබීම සම්බන්ධයෙන් 244 දෙනකු ද, ඇතුළු විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.