බිමල් ශ්‍යාමන් ජයසිංහ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ජිප් රථයක් පෙරලීයාමෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් හා පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ නැටුම් උපදේශිකාවක් ලෙස රැකියාව කරන නදිරා චන්ද්‍රමාලි නැමැති 45 හැවිරිදි කාන්තාවකි.
මිද්දෙනිය ප්‍රදේශයේ මල ගෙදරකට සහභාගි වී යලි කොළඹ බලා පැමිණෙමින් සිටියදී ජිප් රථය ලිස්සා ගොස් ආරක්ෂක වැටෙහි වැදී පෙරලීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසියි කියයි.