දක්ෂිණ අධිවේගියේ ලොරියක් පෙරළී දැඩි රථවාහන තදබදයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 කිම්මං තුඩාව ප්‍රදේශයේදී ලොරියක් පෙරළී යාමෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම ඇහිරි කිලෝමීටර් හතරකට අධික දුරක් දැඩි රථවාහන තදබදයක් ඇති විය

පරිප්පු පටවාගත් ලොරියක් දොඩංගොඩ දෙසට ධාවනය වීමේදී එහි පිටුපස රෝදයක් කැඩී ලොරිය අධිවේගී මාර්ගයේ  පෙරළී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි

අනතුර සිදුවීමත් සමඟම මාතර දෙසට ගමන් ගන්නා මාර්ගයේ කිලෝමීටර් හතරකට අධික දුරට දැඩි රථවාහන තදබදයක් ඇති වූ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ වාහනය එක් මන් තීරුවකට සීමා කර වාහන ගමනාගමනයට පහසුකම් සැලසීය

ලොරියන් කැඩී විසි වී ගිය රෝදය මීටර සීයකට ඈතක දුරකට විසි වී ඇතැයි පොලිසිය කියයි

අනතුරින් ලොරියේ ගමන් ගත් රියදුරු ඇතුළු තිදෙනාට කිසිදු අනතුරක් නොවීය

ලොරියට ඔරොත්තු නොදෙන තරමට බරක් පැටවීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි

දක්ෂිණ අධිවේගී රථවාහන පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා මහතාගේ උපදෙස් මත ගැලණිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න  පොලිස් සැරයන් සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි