
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර කිලෝ මිටර් 9 දශම 6 වීදියගොඩ ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
තහඩුවලින් නිමවන ලද උපකරණ තොගයක් පටවාගෙන ගාල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණිමෙන් තිබූ ලොරි රථය පිටුපසින් ධාවනය වූ මාළු එම ලොරිය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
මාළු ලොරිය ඉදිරියෙන් ගමන්ගත් ලොරියෙ ගැටීමත් සමඟම ඉදිරියෙන් ගමන් ගත් ලොරිය වම් ආරක්ෂක වැටෙහි ගැටී ඇත.
මෙම අනතුර හේතුවෙන් පැය කීපයක් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වලට තරමක බාධාවක් ද ඇති විය.


