(යොහාන් භාසුර)
දංකොටුවෙන් අත්අඩංගුවටගත් පොල්තෙල් බවුසර් දෙකේ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ තත්ත්ව පරීක්‍ෂණයෙන් තවුරු වී ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.
රජයේ රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකට යොමු කළ එම බවුසර්වල පොල්තෙල් සාම්පල දෙකේ වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බව ද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

