ත‍්‍රිත්ව විදුහලට ඉනිමක ජයක්


ජනිෂ්ක පේ‍්‍රමසිංහ සහ අකිල ජයසුන්දරගේ පන්දු යවමින් දැක්වු දස්කම් නිසා ඉසිපතන විදුහලට එරෙහිව කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් මහනුවර ත‍්‍රිත්ව විදුහල් කී‍්‍රඩකයෝ ඉනිමක සහ ලකුණු 85 ක ජයක් ලැබුහ. ත‍්‍රිත්ව විදුහල මෙවර තරගාවලියේ ලබාගත් පුර්ණ තෙවැනි ජයග‍්‍රහණය මෙයවේ. තරගයේ අවසානයේදී ජනිෂ්ක ලකුණු 34 කට කඩුලූ 8 ක්ද, අකිල ලකුණු 16 කට කඩුලූ 6 ක් ද ලබා ගැනීමට සමත්වුහ. ඉසිපතන විදුහල පළමු ඉනිම 44 (ජනිෂ්ක පේ‍්‍රමසිංහ 15/4, ලක්‍ෂාන් ජයසිංහ 8/2, අකිල ජයසුන්දර 10/2) සහ දෙවැනි ඉනිම 44 (අකිල ජයසුන්දර 6/4, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 19/4) ත‍්‍රිත්ව විදුහල පළමු ඉනිම කඩුලූ 8 ට 176 (භාග්‍ය පලිහවඩන 39, අර්ජුන ජයසිංහ 39, දිනුක් වික‍්‍රමනායක 36, සමීර දිසානායක 37/3, කේ.ධනංජය 50/3)