
(හර්ෂණ තුෂාර සිල්වා)
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම වැනි දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති සාධනීය ලක්ෂණ ඉවත් නොකරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (19) පැවැසීය.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ බව කීය.
කොළඹ, නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ නම් යෝජනා කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයාට බලය දුන් බව මෙහිදි අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය, කැබිනට් සම ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා කීය.
ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විද්වත් කමිටුවේ නම් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව ද හෙතෙම කීය.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කරුණු ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආදී සාධනීය ලක්ෂණ රැකගැනීමටත් ජනාධිපති ධුර කාලය වසර පහක් දක්වා සීමා කිරීම, ජනාධිපතිවරයාට ධුරය හැකි වාර ගණන දෙකක් ලෙස පවත්වාගැනීමටත් අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කළ බව ද ඔහු කීය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පූර්ණ බලතල ද කැබිනට් මණ්ඩල හමුවේදී අධිකරණ අමාත්‍යවරයාට ලබාදුන් බව ද හෙතෙම තවදුරටත් කීවේය.

