තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි


රංජන් කස්තුරි 
 
රජයේ පාසල්වල 12 වැනි ශ්‍රේණියේ  සිසුන් සඳහා පැවැත්වූ 2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (ජිට්) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
ජිට් විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ පළකර තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර එම විභාග ප්‍රතිඵල ලේඛණ සියලුම පාසල් වෙත තැපැල්කර යැවූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2017 වසරේ ඔක්තෝම්බර් මස 15 වැනි දින පැවැත්විණ. එම විභාගයට අයදුම්කරුවන් 158,805 දෙනෙකු පෙනී සිටි අතර ඉන් සිසුන් 150,005 දෙනෙකු සමත් වී සිටිති.