තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කර ගත වූ වසරක කාලයේදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත තොරතුරු ඉල්ලීම්වලට අදාළව අභියාචනා 485ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පවසයි.
එලෙස ලද අභියාචනාවලින් 200ක් විභාග කර අවසන් කර ඇතැයි ද පුවත්පත් ආයතනය කියයි.
තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කර පෙබරවාරි 3 වැනි දිනට වසරක් ගතවීම නිමිත්තෙන් වසරක ප්‍රගතිය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒ බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තෝරාගත් අමාත්‍යාංශ 32ක තොරතුරු විමසා තිබෙන අතර එම අමාත්‍යාංශ 32න් 22ක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට තොරතුරු ලබා දී තිබේ. අදාළ දත්ත අනුව එම අමාත්‍යාංශවලට ලැබී තිබෙන තොරතුරු ඉල්ලීම් ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට 88ක් බව වන අතර එයින් ප්‍රතික්ෂේපිත තොරතුරු ගණන සියයට 12ක් යැයි ද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පෙන්වාදෙයි.
මෙහිදි වැඩි වශයෙන් තොරතුරු ඉල්ලීම් ඉදිරිපත්ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයටය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 35කි. දෙවැනි තැනට පත්ව ඇත්තේ රාජ්‍යය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශය වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 30කි. සියයට 11ක් ලෙස ගණනය වී ඇති සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තෙවැනි තැන පසුවෙයි. ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිවෙළින් සිව්වැනි, පස්වැනි සහ හයවැනි ස්ථානවල පසුවෙයි. එම අමාත්‍යාංශවලට ඉදිරිපත් වී ඇති තොරතුරු ඉල්ලීම් ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට 6ක්, 5ක් සහ 4ක් වේ.
තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් වූ දිස්ත්‍රික්ක සැලකිල්ලට ගත්විට මුල් තැනට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි. දෙවැනි තැනට ගම්පහ දිස්ත්‍රික්කයත් තෙවැනි තැනට මහනුවර දිස්ත්‍රික්කයත් පත්ව තිබේ. අඩුම තොරතුරු ඉල්ලීම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. නුවරඑළිය, මන්නාරම, කිලිනොච්චිය, මඩකලපුව, වවුනියාව සහ මුලතිව් අවසන් ස්ථාන 5 පසුවන බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තවදුරටත් සඳහන් කරයි.
055