තොණ්ඩමන්ටත් අරියාදු


ශ්‍රී ලංකාවෙන් යන දේශපාලනඥයනට හිරිහැර කිරීමට නවදතමිල්ගම් (දෙමළ නිජ භූමි) පක්‍ෂය ඔවුනට හිතවත් මාධ්‍ය පිරිසක් ද සමග ක‍්‍රියා කරතියි ඇමැති ආරුමුගම් තොණ්ඩමන් චෝදනා කරයි. තම දියණිගේ විවාහ මංගල්‍යයේ කටයුතු සංවිධානය කිරීම සඳහා ගිය පෞද්ගලික ගමනකදී තම කාමරයට බලයෙන් කඩාවැදුණු පිරිසක් ඉවත් කරන ලෙස තමිල්නාඩු කෝය මුත්තූර්හි ටාජ් හෝටලයේ පාලකයන්ට දැන්වූ බව ද ඒ අනුව එළියට දැමූ ඔවුන් තමාට එරෙහිව හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ බව ද තොණ්ඩමන් මහතා පවසයි. ශ්‍රී ලංකා රජය 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්  දෙමළ ජනයාට අසාධාරණයක් කරනුයේ ඇයි දැයි ඇසූ මාධ්‍යවේදීන් පිරිසක් මාධ්‍ය හමුවක් ඉල්ලා සිටි බවත්, තමා පෞද්ගලික ගමනක යෙදෙන බැවින් ඒ ගැන කතා කළ නොහැකි බව ඔවුන්ට කී බවත් තොණ්ඩමන් මහතා ඔවුන්ට පැවැසීම නිසා මේ කලබලය හටගෙන ඇත.