තොණ්ඩමන්ගෙන් පොලිසියට බාධාවක්




රංජිත් රාජපක්ෂ

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රදේශීය දේශපාලනාඥවරියක අත්අඩංගුවට ගැනීම ගිය අවස්ථාවේ කම්කරු කොන්ග්‍රස් නායක ආරමුගම් තොන්ඩමන් මහතා ඇතුළු එහි සාමාජිකයන් ඊට විරොධය පා ඇතැයි  පොලිස් ආරංචි මාර්ග කියයි.
හැටන් ෂැනන වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගින්නෙන් විනාශ වූ නිවාස හිමියන්ගේ සුවදුක් විමසීමට ගිය ජාතික වතු කම්කරු සංගමයේ උපසභාපති ඇතුළු පිරිසකට බැණ වැදුණැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ඇය අත් අඩංගුවට ගැනීමට පොලිසිය එහි ගොස් ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසය කියයි.
හැටන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට පොලිසිය එහි ගිය බවත් කිසිවකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොතිබූ බව බව පොලිසිය කියයි.