තොටගමු වෙහෙරටත් හොරු පනිති


තොටගමුවේ  ශ‍්‍රී රාහුල නා හිමියන් වැඩ සිටි තොටගමුවේ තෙල්වත්ත පුරාණ රාජමහා විහාරයේ වසර 500කට වඩා ඉපැරණි බුදු පිළිමයකට හා පුරාවස්තු වලට හානි කොට එහි තිබු නිදන් වස්තු සොරකම් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පරික්ෂණ ආරම්භ කර ඇතැයි මිටියාගොඩ පොලිසිය කියයි.

විහාරාධිපති පිටුවල සුමන හිමි හා එහි භාරකාර මණ්ඩල ප‍්‍රධානි අයි.ඩි. නන්දන ඉකුත් ජුනි 20 වැනි දින කරන ලද පැමිණිල්ලක් අනුව පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ අරම්භ කර ඇති බව මීටියාගොඩ පොලිසිය කියයි.

ඉපැරණි බෙහෙත් වට්ටෝරුවකින් සකසා ගෙන ඇති බවට පැරණි ඉතිහාස ගත පොත් පත්හි සඳහන්වී ඇති බව කියන මතකය ධාරණ ශක්තිය වැඩි කෙරෙන සරස්වති තෛලය මෙහි තැන්පත් කර තිබු බවට සාක්කි ඇති බවට පැරැන්නෝ කියති.

පිටුවල සුමන හිමි පැවසුවේ කෞතුක වටිනාකමක් ඇති බුදු පිළිමයකට හානි කර නිදන් වස්තු හා දොළොස්මහේ පහන් කිහිපයක කොටස් සොරා ගෙන ගොස් ඇති බවයි.

එහි භාරකාර මණ්ඩල ප‍්‍රධානි අයි.ඩි. නන්දන මහතා මෙසේ කීවේය. ‘අපි මේ ගැන පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මේවා මාධ්‍යයට දාන්න එපා. එහෙම කරන එක අපේ විහාරයට හොඳ මදි‘

DSC06551. DSC06552 DSC06554 DSC06555 DSC06559 DSC06561 DSC06567-copy DSC06568-copy DSC06570 DSC06571 DSC06576 DSC06577-copy DSC06578 DSC06579-copy DSC06584 DSC06586-copy DSC06588-copy DSC06590-copy DSC06592-copy