තොටගමු අලියා ගාලු පාර වහයි


තෙල්වත්තේ තොටගමුව රන්පත් විහාරයේ වාර්ෂික පෙරහරට ගෙන ආ අලියකු කුලප්පු වීමෙන්  ගාලු පාරේ වාහන ගමනා ගමනය අද සවස අවහිර විය. හොරණින් ගෙන ආ බව කියන  මෙම අලියා පහරදීමෙන් ඇත් ගොව්වා තුවාල ලබා රෝහල් ගත කර ඇත. පන්සලට හැරෙන මාර්ගයෙන් ගාලු පාරට ආ අලියා එහි රැඳී සිටින බවත් නිර්වින්දනය කිරීමෙන් අපහසු බවත් වනජීවි නිලධාරීහු කියති. නිර්වින්දනය කළහොත් පාරේ ඇද වැටී අලියා මිය යා හැකි බව ඔවුහු කියති.