බිඟුන් මේනක ගමගේ
තේ නිෂ්පාදනයේදී සීනි කවලම් කීරීම පරීක්ෂා කිරීමට තමා සැකැසූ ක්‍රමවේදය ගැන කිසිදු සැකයක් තබා ගත යුතු නැතැයි ලංකා තේ මණ්ඩලයේ හිටපු සභාපති රොහාන් පෙතියාගොඩ මහතා 'ලංකාදීපය'ට පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ සීනි කවලම් කරන්නේද යන්න සෙවීම සඳහා තේ මණ්ඩලය භාවිතා කළ පරීක්ෂණ ක්‍රමවේදය අභියෝගයට ලක්කිරීමට ඇතැම් කම්හල් හිමියන් කටයුතු කිරීම ගැන විමසීමේදී ය.
මෙම පරීක්ෂණ ක්‍රමවේදයට අනුව හිටපු සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කම්හල් 80 ක කළ හදිසි වැටලීමකදී එලෙස සීනි කවලම් කරන බවට කම්හල් 53කට චෝදනා එල්ල විය.
වැරැදිකරුවන් වන අයට තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව එහිදී විෂය බාර නවීන් දිසානායක මහතා පැවැසූ නමුත් ඉන්පසුව චූදිත කම්හල්හිමිකරුවෝ අදාළ පරීක්ෂණ ක්‍රමවේදය අභියෝගයට ලක්කළහ.
එම නිසා ඇමැතිවරයාගේ නියෝගයෙන් අදාළ පරීක්ෂණය ගැන සමාලෝචනයක් කිරීමට ලංකා තේ මණ්ඩලය මේ වනවිට කටයුතු කරමින් සිටී.