තේ සහ රබර් වලට ග්ලයිෆොසෙට් තහනම ඉවතට


(සුජිත් හේවාජුලිගේ )
 
ග්ලයිෆොසෙට් තහනම රබර් සහ තේ සඳහා ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය  නවීන් දිසානායක මහතා අද (02) පැවසීය.
 
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.
 
ජනාධිපතිරයා සහ අගමැතිවරයා සමඟද මේ බව සාකච්ඡා කර ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධ කැබිනට් අනුමැතිය ඉදිරි සතියේදී  ගැනීමට නියමිත බවද සඳහන් කළේය.
 
ඒ අනුව වී සහ අනෙකුත් වගාවන්ට   ග්ලයිෆොසෙට් තහනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර   තේ  සහ රබර්වලට පමණක්  තහනම ඉවත් කරනු ඇත.