( නිමල කොඩිතුවක්කු)
තේ වගාව සඳහා පවතින ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිම සම්බන්ධයෙන් ලබන සතියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද(21) කොළඹදී පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව ග්ලයිෆොසේට් තහනම තේ වගාවෙන් ඉවත් කිරිම සඳහා ගෙන ඇති තීරණයේ ඉදිරි පියවරක් ලෙස මෙම තීරණය ගන්නා බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ බව සදහන් කළේය.
ලෝකයේ දියුණු රටවල් පවා වැවිලි කර්මාන්තය සදහා ග්ලයිෆොසේට් යොදා ගන්නා බවත් ඉන් සිදුවන හානියක් පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම කෘෂි කර්මාන්තය සඳහා පවතින ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන්ද විෂය බාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇතැයිද අමාතයවරයා එහිදී පැවසීය.
තේ සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්
Recommended Articles