තේ වත්තක තිබී ටී - 56 උණ්ඩ 24ක් හමුවේ


(චමිල් රූපසිංහ)


පේරාදෙණිය වතුරකුඹුර සිළුමිණිසෑය විහාරය අසළ තේ වත්තක තිබි ටී - 56 උණ්ඩ 24 ක් අද (06)සොයා ගත් බව පොලිසිය කියයි.

එම තේ වත්තේ උදලු ගාමින් සිටි පුද්ගලයෙකු මෙම උණ්ඩ පොලිතින් කවරයක බහා තිබෙනු දැක ආරක්ෂක අංශවලට දැනුම්දී ඇත.

වතුර කුඹුර කනිෂ්ඨ විද්‍යාලයට මීටර් සියයක දුරකින් වතුර කුඹුර ප්‍රධාන මාර්ගය අසළ තිබූ බෝතල්වලට පෙට්‍රල් දමා සකසන ලද පෙට්‍රල් බෝම්බ 3 ක් ද පොලිස් නිලධාරියෙකු විසින් සොයාගෙන ඇත.

යුද හමුදාව හා පේරාදෙණිය පොලිසිය විසින් ප්‍රදේශය පුරා විශේෂ විමර්ශන පවත්වයි.