තේ ලොරියක් කොල්ල කති


බදුල්ලේ සිට කොළඹ බලා තේ පටවාගෙන යමින් සිටි ලොරියක් හල්දුම්මුල්ල ඌවතැන්නේ දී අද අළුයම කොල්ලකෑ පිරිසක් රුපියල් ලක්ෂ 18ක පමණ තේ කොළ පැහැරගෙන ඇතැයි පොලීසිය කියයි. ලොරියේ රියදුරා හා සහායකයා බැඳ දමා තේ තොගයෙන් අඩක් පමණ පැහැරගත් පිරිස ලොරිය හා ඉතිරි තේ තොගය අතහැර දමා ගොස් ඇතැයි ද පොලීසිය කියයි.