කුවේට් රාජ්‍යයට යැවීමට සූදානම් කර තිබූ පාරිබෝජනයට නුසුදුසු තේ කිලෝ දහසය දහසක්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නියෝගයෙන් ඔහු ඉදිරියේ ශ්‍රි ලංකා තේ අපනයන මණ්ඩලය විසින් විනාශ කර දමන ලදි.
තේ ගෙන්වූ බව කියන මොහොමඩ් අසාම් මොහොමඩ්ට මහේස්ත්‍රාත් උසාවිය මීට පෙර රුපියල් 51000ක දඩයක් ද, වසර එක හමාරක සිර දඬුවමක් ද නියම කළේය.
එම තීන්දුවට එරෙහිව මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉවත දැමූ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය වැරදිකරුට තවත් රුපියල් 50,000ක දඩයක් ගැසුවාය.

