තේ තහනම ඉවතට


(නිමල කොඩිතුවක්කු)

රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ තහනම දෙසැම්බර් 30 වැනිදායින් පසු ඉවත් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද(25) ලංකාදීපයට පැවසීය.

තේ තහනම ඉවත් කර ගැනීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය විශේෂ තාක්ෂණික කමිටුව සහ රුසියානු බලධාරීන්  සමග පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව දැනට රුසියාව වෙත යැවීමට සූදානම් කර ඇති  තේ කොළ සහිත කන්ටේනර් බහාලූම් ලබන 30 වැනිදායින් පසු රුසියාව වෙත යැවීමට අදාළ බළධාරීන් වෙත උපදෙස් ලබා දෙන බවද ඒ මහතා පැවසීය.

රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ තහනම ඉවත් කර ගැනීමට සාකච්ඡා කිරීම සඳහා පත්කර ඇති සාමාජිකයින් නම දෙනකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුව පෙරේදා(24) දිවයිනෙන් පිටත්ව ගියේය.