තේ ගැටළුව ලිහන්න නිලධාරීන් පිරිසක් රුසියාවට


රංජන් කස්තුරි
 
ශ්‍රී ලාංකික තේ සඳහා රුසියානු රජය පැනවූ තහනම ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ තේ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් එරටට යෑමට නියමිතය.
 
එම නිලධාරීන් ගොස් සාකච්ඡා කිරීමෙන් පසු තමා රුසියාවට ගොස් අවශ්‍ය දේශපාලන මැදිහත්වීම ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
 
නිලධාරීන් අඟහරුවාදා (19) රුසියාවට යෑමට නියමිතය.