අමල් වික්‍රමරත්න
තේ වලට සීනි කවලම් කර විකිණීමේ ජාවාරමක සුල මුල සොයා ගැනීම සදහා තේ කර්මාන්ත ශාලා 82 ක නිමි තේ සාම්පල පරීක්ෂා කිරීමට මේවන විට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය.
පසුගියදා රත්නපුර ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා දෙකක ලැබුණු පැමිණිලි මත කරන ලද පරීක්ෂා කිරීම්වලදී නිමි තේ නිෂ්පාදනයේදී සීනි කවලම් කර තිබූ බවට තහවුරු වී ඇති බවත් එම කර්මාන්ත ශාලා දෙකෙහි නිෂ්පාදනය සහ අලෙවිය මේවන විට තහනම් කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.
තේ පරීක්ෂක නිලධාරීන් ලවා මෙම නිමි තේ සාම්පල් ගෙන්වා ගෙන දැනට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම සාම්පල්වල සීනි කවලම් කර ඇති බවට තහවුරු වන සාම්පල හිමි තේ කර්මාන්තශාලා වල නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කිරීමටද කටයුතු කිරීමට පියවර ගන්නා බවද සභාපති වරයා පැවසීය.