හර්ෂණ තුෂාර සිල්වා
මීට වසර කිහිපයකට පෙර ලොව ඉහළම ඉල්ලුමක් තිබූ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ කඩා වැටීමට රජය පත් කළ නිලධාරීන් ද හේතුවක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) කොළඹදී පැවැසීය.
ඔවුන් තනතුරු මෙන්ම රටද අත්හැර පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා කීවේය.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික තේ සම්මාන උළලේදී ජනාධිපතිවරයා එසේ කීවේය.
ඡායාරූපය ශාන්ත රත්නායක


