(හැටන් රංජිත් රාජපක්ෂ)
හැටන් වැවිලි සමාගමට අයත් දික්ඔය වතුයායේ ඩන්බාර් කොටසේ තේ වගා ඉඩමක් පිටතින් පැමිණි අයෙකු අල්ලා ආරක්ෂිත කම්බි වැටක් ඉදිකිරිමට විරෝධය පාමින් එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වැඩ වර්ෂනය කරමින් අද (04) උද්ඝෝෂනයක නිරත විය.
එම තේ වතු යායේ අක්කර 15 යුක්ත තේ ඉඩමෙන් අක්කර 6 පමණ කොටසක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව විසින් තමන්ටලබා දුන් බව පවසමින් එම ඉඩමේ මායිම් කණු හිටවා ආරක්ෂිත කම්බි වැටක්ද මේ වන විට ඉදිකර ඇත.
එම ආරක්ෂිත කම්බි වැට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාත්‍රි කඩා දමා ඇති අතර, අද උදැසන එම වතු යායේ තේ දළු කිරන දළු මඩුව අසල වතු කම්කරුන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂනයක නිරත විය.
උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් කියා සිටින්නේ තමන් වසර ගණනාවක් සේවය කල තම වතු යායට අයත් තේ ඉඩම් මෙසේ පිටතින් පැමිණි අය විසින් අත්පත් කර ගැනිම නිසා තමන්ට වතු සමාගම විසින් ලබා දෙන වැඩ දින ගණනද අඩු වි ඇති බවයි.
එම ඉඩමට ඇතුල්විමට පවා එම ඉඩම තමන්ට අයිති බව පවසන අය තහනම් කර තිබිම නිසා එම ඉඩමේ තිබෙන තේ ගස්වල අස්වැන්නද නෙලා ගැනිමට නොහැකි බවයි වතු කම්කරුන් කියා සිටින්නේ.
තේ කර්මාන්තය වෙනුවෙන් විශාල ධායකත්වයක් සපයන තමන්ට හරිහැටි නිවසක් හෝ නිවසක් ඉදිකර ගැනිමට ඉඩම් කැබැල්ලක් නොමැති අවස්තාවක මෙසේ පිටතින් පැමිණි අය තම වතු යායට අයිති ඉඩම් අත්පත් කර ගැනිමට ඉඩ ලබා නෙදෙන බවද උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුන් කියා සිටියි.
මේ සම්බන්ධයෙන් අප දික්ඔය වතු යායේ වතු අධිකාරි මිරාජ් සමරවිර මහතාගෙන් අප කල විමසුමට ඔහු කියා සිටියේ තම වතු යායට අයත් ඉඩම් තම පාලන අධිකාරිය පවා දැනුවත් නොකර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව විසින් ලබා දි ඇති ඉඩම සම්බන්ධයෙන් මේ වන විට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකල නඩුවක් විභාග වෙමින් පවතින බවයි.