තේ - රබර් වලින් ග්ලයිෆොසෙට් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ගැසට්ටුවක්


සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
 
ග්ලයිෆොසෙට් තහනම තේ හා රබර් වලින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 

 
ඇමතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී  ලංකා තේ මණ්ඩලයේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
 
නවීන් දිසානායක මහතා මෙසේද කීය.
 
‘‘     ග්ලයිෆොසෙට් වල වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට ලොකු බලගපෑමක් ඇතිවුණා. ග්ලයිෆොසෙට් වලින් තම ජනතාවට හානියක් නොවුණු බව ජපානයත්  කිව්වා. ග්ලයිෆොසෙට් වලට විකල්පයක් ලෙස අපි යොදාගත් එම් ආර් සී ටී වල්නාශකයෙනුත් හානියක් නැතැයි ඔවුන් කිව්වා.
තේ වල තිබිය යුතු උපරිම සීනි ප්‍රමාණයත් ඉදිරියේදී ගැසට් කරනවා‘‘.