තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ


'සිරි දළදා වන්දනාව' තුන්වන දිනය  අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුවෝ පැවැසීහ.

අද පස්වරු 5.00 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.

දළදා වන්දනාව සඳහා  මාර්ග තුනක් දළදා මාලිගාවට ඇතුළු විය හැකිය. 

දින ගණනක් පෝලිම්වල සිටින සැදැහැවත්න දළදා මාලිගාව මූලික කර ගනිමින් විවිධ සංවිධාන, ස්වේච්ඡා සමිති, මහනුවර මුස්ලිම් දේවස්ථාන මුලික කරගත් තරුණ සංවිධාන ඔවුනට අවශ්‍ය ආහාර පාන ලබාදීමට කටයුතු කරති.

ආගමික බේදයකින් තොරව මුස්ලිම් දේවස්ථාන අතුළු විවිධ සංවිධාන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉදිරිපත්ව සිටි.