තෙවැනි ටෙස්ට් තරගයෙනුත් ඕස්ටේ‍්‍රලියාවට ඉනිමක ජයක්


ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පර්ත් ක‍්‍රිඩාංගනයේ පැවැති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඔස්ටේ‍්‍රලියාවට ඉනිමක සහ ලකුණු 37 ක ජයක් හිමිවිය. ලකුණු 208ක් පසු පසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දියාවට හිල්ෆෙනස් (54/4) සහ සිඞ්ල්ගේ (43/3) දක්ෂ පන්දු යැවීම හමුවේ ලබාගත හැකිවූයේ ලකුණු 171ක් පමණි. තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ  ඕස්ටේ‍්‍රලියාව තරග 3-0ක් ලෙස ජයහිමිකර ගත්තේය. තරගයේ වීරයා ලෙස ඬේවිඞ් වෝනර් සම්මාන ලැබීය. ඉන්දියාව 161 සහ දෙවැනි ඉනිම 171 (විරාට් කෝලි 75, රාහුල් ද්‍රාවිඞ් 47, හිල්ෆෙනස් 54/4, සිඞ්ල් 43/3, ස්ටාර්ක් 31/2) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 369 (ඬේවිඞ් වෝනර් 180, එඩි කවන්ස් 74, පීටර් සිඞ්ල් 30, යාදව් 93/3 සහිර් ඛාන් 91/2)