නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
කලුතර ප්‍රදේශයේ වතු යායක වතු හිමිකරුගේ විරෝධය නොතකා මළ සිරුරක් වළ දැමීමට ගොස් ඇති වූ සිද්ධියකදී පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
(28535)

