(රංජන් කස්තුරි)
මේ වසර තුළ පමණක් විදුලි ගාස්තු තෙවතාවක් ඉහළ නැංවීම නිසා මෙරට ආර්ථික අර්බුදය තීව්‍ර වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පැමිණ කරුණු ඉදිරිපත් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් සහ එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෙට (7) උදේ 10ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයිද එම කාරක සභාවේ ලේකම් වරයා දැනුම් දී ඇත.
මේ වසරේ අවසන්වරට විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නැංවූ අතර ඉකුත් ඔක්තෝබර් මස 20 වැනි දින සිට නව ගාස්තු ක්‍රියාත්මක කෙරිණි.
මීට මාස කිහිපයකට ඉහත දී ද විදුලි ගාස්තු 35% කින් සහ 68% කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත් අතර ඊට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරය හිමිව තිබිණ.

