(චමිල් රූපසිංහ,තරිදු ජයවර්ධන)
අද පස්වරු හය වන තෙක් තෙල්දෙනිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.
දිගන හා තෙල්දෙනිය ප්‍රදේශවල සිදුවු කලහාකාරි තත්ත්වයන් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනා අද (6) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනි දා දක්වා රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝගයෙන් පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද දිගන ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
යම් කලහකාරී තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා හමුදා බටයන් මහනුවර අවට ප්‍රදේශ වලටත් හමුදා ආරක්ෂාව යොදවා ඇත.
එයින් විශේෂයෙන් රාජ්‍ය දේපල අවට ආරක්ෂාවට හමුදා පිරිස් යොදවා ඇත.
ඡායාරූප - චමිල් ඡායාරූප