තෙල් සංස්ථාවේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට



 ( නිමන්ති රණසිංහ ) 


දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස  ඇතුළු  වී අයුතු ජන රාශියක  සාමාජිකයකු වී  කලබලයක් ඇති කළැයි කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස ගීගනගේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ඉකුත් වසරේ නොවැම්බර්  26 වැනිදා කොළඹ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වු සිද්ධිය සම්බන්ධයෙන්  ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.