(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (24) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඉන්ධන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඉන්දියන් තෙල් සමාගම පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 39 ක පමණ අතිරේක පාඩුවක් ලබන බව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
මේ තත්ත්වය තුළ සංස්ථාවේ කටයුතු පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් බැවින් විසඳුමක් ලබාදෙන්නැයි ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා මුදල් අමාත්‍යාංශයෙන්ද ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම් සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයකට එළැඹෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
අලුත් අවුරුද්දෙන් පසුව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (24) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වේ.