තෙල් මිල වැඩිවෙයි


ඉන්ධන මිල වැඩි වෙතියි කොළඹ, ගම්පහ හා අවට පෙදෙස්වල ඉන්දන හල් අසල අද සන්ධ්‍යාවේ සිට දිගු පෝලිම් දක්ණට ලැබිණි. රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල රුපියල් 12 කින් ද, ඩීසල් රුපියල් 31 කින් ද, භූමිතෙල් රුපියල් 35 කින් ද ඉහළ දමා ඇත.