සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
තෙල් මිල වැඩිවුණේ ආණ්ඩුව ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳ දැමු නිසා යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (11) චෝදනා කළේය.
නානායක්කාර මහතා මේ චෝදනා කළේ සිවිල් ගුවන් සේවා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.වාසුදේව නානායක්කාර මහතා එහිදි මෙසේද ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබුණු නැව්වලට තෙල් සැපයීමේ ඒකාධිකාරිය මේ ආණ්ඩුව ඇවිත් බිඳ දැමුවා. බිඳ දාලා ඒ කටයුත්ත තම මිතුරු සමාගම් වලට පැවරුවා. එදා ඒ ආදායම සංස්ථාවට ආවා නම් අද තෙල් මිල වැඩි කරන්න අවශ්‍ය නැහැ.
ඒ වගේම බහුබූත කතා කියමින් මත්තල ගුවත් තොටුපළේ වී ගබඩා කිරීම නිසා ඒ ආයතනයේ ප්‍රතිරූපය විනාශ වුණා. ඒ කළේ අගමැතිතුමායි.