අජන්ත කුමාර අගලකඩ
ඉන්ධන මිල වැඩි කිරීමේ අදහසක් නැතැයි ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අද කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිප දෙනකු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එලෙස කීවේය.
ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවත් මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කර ජනතාව පීඩනයට පත් කිරීමට අදහස් නොකරන බව ද ඇමැතිවරයා ප්‍රකශ කළේය.
ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බවද කලින් ප්‍රකාශ කර තිබුණද අද ඇමැති මණ්ඩල රැස්වීමේදී එවැනි මිල සූත්‍රයක් ඉදිරිපත් වූයේ නැත.