(අජන්ත කුමාර අගලකඩ)
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය විසින් ඉහළ දමනු ලැබීය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 සිට රුපියල් 145 දක්වා ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 109 සිට රුපියල් 118 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
මේ අතර ඔක්ටේන් 95 වර්ගය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර රුපියල් 148ක් ලෙස පැවතිනි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 කි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.ඒ අනුව රුපියල් 119ක් ලෙස පැවැති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වා ඉහළ දමා ඇත.