(ඩයනා උදයංගනී)
මාස දෙකකට වරක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ ඉන්ධන මිල සූත‍්‍රය මසකට වරක් ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව සෑම මසකම 10 වැනිදා දිනයේ දී ලෝක වෙළඳපල මිල ගණන් අනුව ඉන්ධන මිල සංශෝධනය වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර සිදුවූ සංශෝධනයේ දී ලෝක වෙළඳපල මිල ගණන් අනුව මිල වැඩි කළේ නම් පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 14 කින් පමණ ඉහළ නැංවීමට සිදුවන බව කී අමාත්‍යවරයා රුපියල් 8කින් මිල වැඩිකළේ ඉතිරි පාඩුව රජය දරා ගනිමින් බව ද කීවේය.
මේ අයුරින් ඉදිරියේදීත් සම්පූර්ණ බර ජනතාව මත නොපටවා කටයුතු කරන බව කී අමාත්‍යවරයා මිල අඩුවන අවස්ථාවල ජනතාවට සම්පූර්ණ සහනය ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මීට පෙර 2002 - 2004 එක්සත් ජාතික පක්‍ෂ රජය පැවති සමයේදීත් මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වූ බව ද ඇමැතිවරයා කීවේය.