අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව පෙට්‍රල් (92 ඔක්ටේන්) ලීටරයක නව මිල රුපියල් 117 ක් ද පෙට්‍රල් (95 ඔක්ටේන්) 128 ක්ද ඩීසල් රුපියල් 95 ක් ද සුපිරි ඩීසල් 110 ක් ද හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 65 ක් දක්වාද අඩු කර ඇත.
පෙර පැවති මිල ගණන් අනුව රුපියල් 33 කින් පෙට්‍රල් මිල පහත දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහත දමා ඇත.

