තෙල් පැමිණිලිවලට දුරකථන අංකයක්


(විනීතා එම් ගමගේ)

ඉන්ධන පිළිබඳ ගැටලු ඇත්නම් දැනුම් දීම සඳහා ලංකා  ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 0115455130 අංකයට එවැනි පැමිණිලි යොමු කළ හැකි බව එම අමාත්‍යංශය දැනුම් දෙයි.

පෙට‍්‍රල් හිඟයක් පිළිබඳව දිවයිනේ නොයෙක් පළාත්වලින් වාර්තා වන නමුත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එවැනි තෙල් හිඟයක් නොමැති බවයි.