තෙල් පැතිරීම වැළැක්වීමට පියවර ගන්න


 (සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක්වූ එම් .වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට තෙල් පැතිරයාම වැළැක්වීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අද ( 26) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

එවැනි ආපදා කළමනාකරණය කිරීමට ලොව වෙනත් රටවල් අනුගමනය කළ ක්‍රමවේද ගැන සැලකිලිමත් වන්නැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.