කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨයට බඳවා ගත් නවක සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විශ්ව විද්‍යාල සිසුහු අද (24) උපකුලපති සනාථන මන්දිරය ඉදිරිපිට අනගාරික ධර්මපාල මාවතේ රැඳී සිටිමින් උද්ඝෝෂණයක් කළහ.
තෙලවල නේවාසිකාගාර ගාස්තු අඩු කරන ලෙස ඔවුහු ඉල්ලති.
ඔවුහු උපකුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතාගෙන් සාකච්ඡාවක් ද ඉල්ලා සිටියහ.
නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා එම ශිෂ්‍ය පිරිස සමඟ කතා කළත් අදාළ විසඳුම් නොලැබුණු බව කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ආර් කේ ඩී එස් බුද්ධික පැවසීය.

