තෙන්ඩුල්කාර්ට 100 වැනි ශතකය අහිමි වෙද්දී ඉන්දිය පිලට ඉනිමක පරාජයක්


ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 68 ක පහසු ජයක් ලබා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ සමත්වුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම  ඕස්ටේ‍්‍රලියානු පිල තරග 2-0 ක් ලෙස ජය ලැබිය. තරගයේ සිවුවැනි දිනය වු අද (6) ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 468 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය පිලේ දෙවැනි ඉනිම ලකුණු 400 කට සීමා විය. බෙන් හිල්පෙනස් ලකුණු 106 කට කඩුලූ පහක් ලබා ගනිමින් ඉන්දිය දෙවැනි ඉනිමේදී වඩාත්ම සාර්ථක වු  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නා විය. ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට සිය ක‍්‍රිකට් දිවියේ 100 වැනි ශතකය යළිත් වරක් අහිමි වෙමින් ලකුණු 80 කට දැවී ගියේය. තෙන්ඩුල්කාර් සහ වී. වී. එස්. ලක්‍ෂමන් (66) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 104 ක සම්බන්‍ධතාවක් පැවැත්වුහ. සිවුවැනි කඩුල්ලෙන් පසුව ඉන්දිය පිලේ සෙසු කඩුලූ හයම ලකුණු 129 කදී ලබා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වුහ. මෙම තරගයේදී ත‍්‍රිත්ව ශතකයක් ලබාගත් මයිකල් ක්ලාක් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ඉන්දියාව පළමු ඉනිම 191 (විරෙන්ද්‍ර සෙවැග් 30, සචින් තෙන්ඩුල්කාර් 41, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 57, ජෙම්ස් පිටින්සන් 43/4, බෙන් හිල්පෙනස් 51/3, පීටර් සිඞ්ල් 55/3) සහ දෙවැනි ඉනිම 400 (ගෞතම් ගම්බීර් 83, රාහුල් ද්‍රාවිඞ් 29, සචින් තෙන්ඩුල්කාර් 80, වී.වී.එස්.ලක්‍ෂමන් 66, රවිචන්ද්‍රන් අස්වින් 62, සහීර් ඛාන් 35, බෙන් හිල්පෙන්හස් 106/5, පීටර් සිඞ්ල් 88/2) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 4 ට 659 ( රිකී පෙන්ටින් 134, මයිකල් ක්ලාක් නොදැවී 329, මයිකල් හසී නොදැවී 150 ) තෙන්ඩුල්කාර්ගේ  දවා ගත් මයිකල් ක්ලාක් ප‍්‍රීතියෙන්..........