තෙන්ඩුල්කාර් ලකුණු 15,000 සම්පූර්ණ කරයි
ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ලකුණු 15,000 සම්පූර්ණ කළ පළමු ක‍්‍රීඩකයා බවට පත්වීමට අද (8) සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ෆෙරෝෂ් ෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තෙන්ඩුල්කාර් 28 වැනි ලකුණු සම්පූර්ණ කිරීමත් සමග ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ ලකුණු 15,000 රැස්කළ පළමු ක‍්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු විය.
තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 182 කට සහභාගි වී ශතක 51 ක් සහ අර්ධ ශතක 61 ක් සමගින් ලකුණු 15,005 ක් රැස්කර තිබේ. 38 හැවිරිදි තෙන්ඩුල්කාර් අන්තර්ජාතික ශතක 100 ක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට එක ශතකයක් පසුපසින් සිටියි.
ලෝක ටෙස්ට් සහ එක්දින වැඩිම ලකුණු ලාභියා වන තෙන්ඩුල්කාර් මේ වන විට එක්දින තරග 453 කදී ශතක 48 ක් සහ අර්ධ ශතක 95 ක් සමගින් ලකුණු 18,111 ක් රැුස්කර තිබේ. තෙන්ඩුල්කාර්, අන්තර්ජාතික එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් (200*) රැස්කළ එකම ක‍්‍රීඩකයා ද වේ.

