මදුරන්කුලිය බස් රථ අනතුර සිදුවී රෝගීන් පුත්තලම මූලික රෝහලට ගෙන යන විට එහි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ සේවයේ නොසිටී බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පුත්තලම - කොළඹ පාරේ මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ අද (06) උදෑසන සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබු රෝගීන් 34 දෙනෙක් මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.
මෙම රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් හත් දෙනකු දැනට මිය ගොස් තිබේ.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පිරිසට මෙම ශල්‍ය වෛද්‍යවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය මොහොතක නොලැබීම කණගාටුවට කරුණක් බව තුවාලකරුවෝ පෙන්වා දෙති.
මේ පිළිබදව වැඩ බලන රෝහල් අධිකාරි වෛද්‍ය එම්. නගුලනාදන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මේ පිළිබදව කිසිවක් කිව නොහැකි බවයි.
මේ පිළිබදව පළාත් සෞඛ්‍ය සේවා අධක්ෂක වෛද්‍ය එම් පරීඩ් මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මේ අවස්ථාවේ කළ හැකි උපරිම වෛද්‍ය සත්කාර ඉටු කළ බවත් මෙම අනතුර සිදුවී රෝගීන් රෝහලට ගෙන එන අවස්ථාවේ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා සේවයේ නොසිටීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

