බම්බලපිටියෙ දුම්රිය පිළිපැනීමේදී තුවාල ලැබූ අට දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොමැති බවට අධ්‍යක්ෂවරයා පවසයි. තුවාලකරුවන්ගේ ප්‍රමාණය තවත් වැඩි විය හැකි බව පොලිසිය කියයි. දුම්රිය බම්බලපිටිය දුම්රිය ස්ථානයට ළඟාවනවාත් සමග පිටුපස මැදිරියක රෝදයක් ගැලවී මුහුද දෙසට විසි වූ බවත් ඒ සමගම පිටුපස මැදිරි දෙක දුම්රිය වේදිකාවේ වැදී නතර වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. අනෙක් පැත්ත ඇලවූයේ නම් අනතුර මීට වඩා දරුණු විය හැකි බව දුම්රිය මගීහු කියති.

