තුර්කි තානාපති කාර්යාලය සඳහා කොළඹ වජිර පාරේ කුලියට ගත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 38 ක් ගත් පුද්ගයකු එම මුදල් සම්බන්ධයෙන් සපරාධිලෙස විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් ගැන කොළඹ වංචා විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
එම ගොඩනැගිල්ලේ ඇටොර්නි බලය හිමි රොමේෂ් ප්‍රෙඩ්රික් මාස තුනකින් ගොඩනැගිල්ල අලුත්වැඩියා කැර දීමට පොරොන්දු වු නමුත් ගිවිසුම් ප්‍රකාර ඒ කාර්ය කැර නැතැයි පොලීසිය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේය.
එම ගනුදෙනුවේ බැංකු ගනු දෙනුවේ විස්තර පොලීසියට දෙන්නැයි මහේස්ත්‍රාත් බැංකුවට නියෝග කළේය.

