තුඹ කරවිලෙන් ගොවියා ගොඩ


ගලේවෙල දඩුබැදිරුප්ප දේවහූව පදිංචි කේ .ඒ. සිරිමන් (67) ගොවි මහතා ගොවිතැන් අත්හදා බලන අයෙකි. මෙවර ඔහු ප්‍රථම වතාවට තුඹ කරවිල වගාව ආරම්භ කර ඇත.

පැල 300ක් වගා කළේය. ගොවි මහතා කියා සිටියේ දින හතරකට වරක් කිලෝ 25 බැගින් අස්වනු නෙළන බවයි. කිලෝවක් රු 500 බැගින් නිවසටම පැමිණ වෙළෙන්දන් රැගෙන යන බව ඔහු පවසයි.

මෙම ගොවි මහතා මිට පෙර ඉඟුරු වගා කර අක්කර කාලකින් රු ලක්ෂ තුනක මුදලක් උපයා ගත්තේය. මෙම වගාවෙන්  එක දිගට අවුරුදු 4 ක අස්වැන්න ලැබෙන බවද ඔහු කියයි. ගොම පොහොර හැර කිසිදු රසායනික දෙයක් යොදවා නැති බවද ඔහු පවසයි.

karavila20159232 karavila20159233 karavila20159235 karavila20159237 karavila20159238 karavila201592328