ගාල්ල ලබුදූව තුනී ලෑලි නිෂ්පාදන ආයතනයක අද අළුයම ඇතිවූ ගින්නකින් එම කම්හල මුළුමනින්ම විනාශවිය. ගින්න මැඩ පැවැත්වීමට ගාල්ල නාගරික ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ඒවායේ ජලය අවසන්වනතරු ජල ප්‍රහාරය එල්ල කළ ද ගින්න නිවුණේ නැත. යළි ජලය ගෙන ඒමට ගිය ද ගිනි නිවන රථයට ජලය ඇදගන්නා උපකරණයේ දෝෂයක් හේතුවෙන් ජලය පුරවාගත නොහැකිව ගැටළුවක් ඇතිවූ බව ගැමියෝ කියති. නාවික හමුදාවේ ගිනි නිවන රථයක් හා ජල බවුසර දෙකක් පැමිණ නාගරික ගිනි නිවීමේ ඒකකය සමග එක්ව ගින්න නිවීමට කටයුතු කළ බව ද ගැමියෝ කියති. ගාල්ල දක්ෂිණ නාවුක කඳවුරේ නිලධාරින් හා ගාල්ල කොටුව යුද හමුදා කඳවුරේ නිලධාරින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටියි. ගැමියන් පවසන්නේ තවමත් යන්ත්‍රසූත්‍ර කිහිපයක් ගිනි ගනිමින් පවතින බවයි.
(ජායාරූප හා විඩියෝ අමිල මධුශංඛ සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

![SAM_3573[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_35731.jpg)
![SAM_3575[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_35751.jpg)
![SAM_3581[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_35811.jpg)
![SAM_3587[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_35871.jpg)
![SAM_3589[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_35891.jpg)

