(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පිටුපස ඉදිකරමින් තිබූ පුද්ගලික ව්‍යාපාර ස්ථානයක තෙමහල් ගොඩනැගිල්ලක් තෙවැනි මහලේ කොන්ක්‍රීට් දමමින් තිබියදී එහි කොටසක් 07 දින පස්වරුවේ කඩාවැටී එහි සේවය කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම තෙමහල් ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් ඇතිරීම යන්ත්‍රානුසාරයෙන් සිදු කරමින් තිබී ඇත. ඒ අනුව එකවරම විශාල ශබ්දයක් සමග කොන්ක්‍රීට් යොදමින් තිබූ තෙවැනි මහලේ කොටසක් දෙවැනි මහලට කඩා වැටී ඇති අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
එහි ඉංජිනේරුවෝ සහ සේවකයෝ සිදු වූ දේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට හෝ ඉදිරිපත් නොවීම එම ස්ථානයේ දැක ගැනීමට හැකි වූ සුවිශේෂී වූ කරුණකි.
කඩා වැටුණු ස්ථානය නිරීක්ෂණය කළ දඹුල්ල පොලිසිය නිලධාරියකු කියා සිටියේ කුරුලු කූඩු තනන්නාසේ ගොඩනැගිලි තැනීම සිදු නොකළ යුතු බවය. කොන්ක්‍රීට් යෙදීම සඳහා යොදවා ඇති ලී කණු සහ යොදා ඇති කම්බි ආදී පිළිබඳව ද එහිදී පොලිසිය අවධානය යොමුකළහ .
මෙවැනි සිද්ධි මීට වඩා ඉංජිනේරුමය ඥානය උපයෝගී කරගත යුතු බවත් එසේ නොවන්නේ නම් සේවය කරන අහිංසක ජනතාවක් ගොඩනැගිල්ල ඉදි කිරීමෙන් පසු එහි රැඳී සිටින ජනතාවත් විශාල අනතුරකට පත් විය හැකි බව ප්‍රදේශවාසීහු කියති.
මේ දිනවල ලහි ලහියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ඉඩම් මිලදී ගෙන මේ ආකාරයෙන් ගොඩනැගිලි සහ ගබඩා ඉදිකිරීම් බහුලව ක්‍රියාත්මක වෙමින් පවතින අතර කොන්ක්‍රීට් දැමීමේදී වහළ කඩා වැටුණු අවස්ථා කිහිපයක්ම මේ දිනවල වාර්තා වීම ද විශේෂත්වයකි. දඹුල්ල මහ නගර සභාවට අයත් මෙම ප්‍රදේශවල ඉදිකිරීම් පිළිබඳව පෞද්ගලික හා නගර සභාවේ ද අවධානය යොමු කළ යුතු බව ප්‍රදේශවාසීහු පවසති.